Friday, August 12, 2011

නොලියා බැරි කමට

  එන්න
  බලන්න
  කියවන්න
  හිතල බලල
  මොනා හරි කියන්න
  නැත්තං බනින්න
  කමක් නෑ
  ඒත්....
  අයෙත් එන්න :)


ඔන්න මමත් ලියන්න ගත්තා. සෑහෙන කාලෙක ඉඳන්  බ්ලොග් එකක් කරන්න වුවමනාව තිබ්බත් බාලගිරි දෝසෙ වගේ  ඒක කල් ගියා (කරන්න හිතපු කාලෙ දන්නෝ දනිති :P). අන්තිමේ බැරිම තැන ලියන්න දෙයක් ඔලුවෙ නොතිබ්බත් ඕන (එ)කක් කියලා ඔන්න වැඩේ පටන් ගත්තා. පටන්ගත්තට මොකෝ ලියන්න මෙලෝ දෙයක් නෑ. එහමයි කියල බ්ලොග් එක නිකන් තියන්න පුලුවන් යැ? ඒක නිසාම ඉස්සර ලියපුවා මේකට පෝස්ට් කරන්න හිතාගෙන ඉන්නෙ. වත පුස්තකේ  මගෙ යාලුවො ඇරෙන්න ගොඩ දෙනෙක් ඒව දැකල නැති නිසාත්, ඒ විදිහට  සීමාවෙච්ච හන්දම එක එක විදිහෙ අසාධාරණ කම් වෙච්ච නිසාත් පරණ එව්ව ආයෙ දාන එක වැරැද්දක් නෑ මම හිතන්නෙ. (කියවපු අය ඉන්නවානං සමාවන සේක්වා)

එහෙනන් ඉතිං.....

මේ වැඩේට මුල ඉදන්ම උදව් කරපු හැමෝතමත් ස්තූතියි කියාගෙනම අමාරුවෙන් ලියාගත්ත පළවෙනි පෝස්ට් එකට තිත (.) තියනවා. ආයෙත් මෙතනදිම  මුණගැහෙමු :)  (තිත)



7 comments:

  1. ජයම වෙන්න ඕන මචං දිගටම ලියපං!

    ReplyDelete
  2. ඔබට ජය.. බ්ලොග් නොකෙරුවට.. ලියන්න දක්ෂ කෙනෙක් වගේ..අටුවා ටිකා ඔනේ නෑ.. හොද ඉක්මනින්ම ජනප්‍රිය වේවි මේ ලියන ශෙලියට..:)

    ReplyDelete
  3. ලියන්න දිරි දුන්නට ස්තූතියි

    ReplyDelete
  4. ජයෙන් ජය වේවා සහෝ....

    ReplyDelete
  5. වන්නියාට අපෙන් සුබ...ජය වෙවා...
    දිගටම ලියපන්........

    ReplyDelete
  6. siyalu devi dewathawun wahanselage pihitae arakshawae.... sudu wan walin awith ussan noyanna liyanna aiya... :P

    subapathum :)

    ReplyDelete