after 1st shy
ගෙන "A" අටක් කළ සා/පෙළ විභාගෙට
මොරටුවෙ සුවඳ විඳ ගන්නට පතාගෙන
කෙරුවත් "මැතෙන්" ගිය උ/පෙළ විභාගෙට
ලැබුණේ "S" තුනකි මාගේ අභාගෙට
මොරටුවෙ සුවඳ විඳ ගන්නට පතාගෙන
කෙරුවත් "මැතෙන්" ගිය උ/පෙළ විභාගෙට
ලැබුණේ "S" තුනකි මාගේ අභාගෙට
දහ දුක් විඳල මා හැදුවාට යසේ
ගොන් වස්සෙක් හැදුවානං මගෙ වයසේ
කණ තුල කම්මලකි අම්මා නගන දොසේ
මැරුණොත් හොඳයි ඉන්නට දී ඈට තොසේ
ගොන් වස්සෙක් හැදුවානං මගෙ වයසේ
කණ තුල කම්මලකි අම්මා නගන දොසේ
මැරුණොත් හොඳයි ඉන්නට දී ඈට තොසේ
පාඩම් කළේ මාස තුනයි ගියපාර
අද සිට මින් මතුව එක දිනයක් නෑර
පොතටම බැහැල වී මා දැණුමෙන් සාර
island 1st වෙලා පෙන්නමි එනපාර
අද සිට මින් මතුව එක දිනයක් නෑර
පොතටම බැහැල වී මා දැණුමෙන් සාර
island 1st වෙලා පෙන්නමි එනපාර
යාළුවො එක්ක සෙට් වීලා බැහැල වලේ
ගිය අවුරුද්දෙ මම ඒ මොනවාද කළේ ?
ගින්දර වාගෙ දැන්නම් පෑදිලා මොළේ
වැඩිපුර හොඳට තේරෙනවා මෙන්න බොලේ
ගිය අවුරුද්දෙ මම ඒ මොනවාද කළේ ?
ගින්දර වාගෙ දැන්නම් පෑදිලා මොළේ
වැඩිපුර හොඳට තේරෙනවා මෙන්න බොලේ
බුදුවෙන එකත් එක පාරට වෙන්නෑ නේ
පොඩි "rest" එකක් ගත්තට වරදක් නෑ නේ
තුන් අවුරුද්දක්ම අහගෙන ඉන්නා දේ නේ
ගොඩ යන්නට අන්තිම තුන් මස සෑහේ
පොඩි "rest" එකක් ගත්තට වරදක් නෑ නේ
තුන් අවුරුද්දක්ම අහගෙන ඉන්නා දේ නේ
ගොඩ යන්නට අන්තිම තුන් මස සෑහේ
හුටා! කල් අඩුයි දැන්නං ඇදපල්ලා
හිතා ගන්න බෑ ගන්නේ කෝකද අල්ලා
වටා පොත් තියන් වාගේ ගල් ගිල්ලා
බලා සිටිමි පව් මම අසරණ කොල්ලා
හිතා ගන්න බෑ ගන්නේ කෝකද අල්ලා
වටා පොත් තියන් වාගේ ගල් ගිල්ලා
බලා සිටිමි පව් මම අසරණ කොල්ලා
කළු වුණ වුවන රැවුලත් හොඳටම වැවිලා
බඩ ගිය හූණා වගේ ඇත ඇඟ ඇදිලා
මරණෙට දක්කනා ගොණු මෙන් ලණු දමලා
මෙවරත් විභාගය ලියනෙමි දඟ දාලා
බඩ ගිය හූණා වගේ ඇත ඇඟ ඇදිලා
මරණෙට දක්කනා ගොණු මෙන් ලණු දමලා
මෙවරත් විභාගය ලියනෙමි දඟ දාලා
after 2nd shy
පෙර අත් භවේ මා කර ඇති ලොකු පවට
"S" තුන "F"තුනක් වී ඇත මට කර කවට
පළවෙනි පාර පැණගත්තා නම් ගොඩට
මේ දුක් දැනෙන් නෑ මගෙ අසරණ හිතට
පළවෙනි පාර පැණගත්තා නම් ගොඩට
මේ දුක් දැනෙන් නෑ මගෙ අසරණ හිතට
"course" එකක් කට පිටරට "valid" ඇති
හෙට දින මගේ ගොඩ දැමුමට වේය සකී
මා මෙන් නොවී වැඩ කර එදිනෙදා නිතී
"A" තුන ගනින් එතකොට උඹ රටක් වටී
ප.ලි. : බොහොම ඉස්සර ලිව්ව එකක්. කලින් කියවපු කට්ටිය තරහ අවසර :P
ඳඟ දාලා උඩ පැනලා කලත් සකී
ReplyDeleteහැමදාටම අප හට හිමි "F" තුනකී
කොච්චර කලත් ඔච්ච්ර තමයි මලේ
අපෙ අයියා කීවේ නිකමටම නොවේ
පශ්ඨ සහෝ.............
සිරාවටම වැදි බණක්...
ReplyDelete@lasa : thx saho
ReplyDelete@leele : loweth :P