Friday, June 14, 2013

~:@ අම්මප මල :@~

සෙල්ලමට 
රස්සාවට
දෙක තුනක්
තිබ්බාට
ලොක්ක එද්දි
හංගන්න
මිරිකන්න
බොත්තමක් නැති
මවුස් එක
(තුඃ! නෙදකින් :@)

Sunday, August 28, 2011

හීන.

පා හි
බොඳ කලා නුඹ
ඒත් හීනය
තාම පාටයි
තියා ගත්තා
ඈට දෙන්නට
තිබුණ විදිහට
ඈ හදා දෙයි
තිබුණ පාටත්
ඈ සොරාගෙන
මටත් හීනය
එපාමයි එපාමයි!
එන "කලා පොළ"
හීන විකුණමි
එන්න, කලු-සුදු
හීන ලාබයි !!!