Showing posts with label අසරණකම. Show all posts

Thursday, August 25, 2011
Wednesday, August 24, 2011
වැදි බණ
after 1st shy
ගෙන "A" අටක් කළ සා/පෙළ විභාගෙට
මොරටුවෙ සුවඳ විඳ ගන්නට පතාගෙන
කෙරුවත් "මැතෙන්" ගිය උ/පෙළ විභාගෙට
ලැබුණේ "S" තුනකි මාගේ අභාගෙට
මොරටුවෙ සුවඳ විඳ ගන්නට පතාගෙන
කෙරුවත් "මැතෙන්" ගිය උ/පෙළ විභාගෙට
ලැබුණේ "S" තුනකි මාගේ අභාගෙට
දහ දුක් විඳල මා හැදුවාට යසේ
ගොන් වස්සෙක් හැදුවානං මගෙ වයසේ
කණ තුල කම්මලකි අම්මා නගන දොසේ
මැරුණොත් හොඳයි ඉන්නට දී ඈට තොසේ
ගොන් වස්සෙක් හැදුවානං මගෙ වයසේ
කණ තුල කම්මලකි අම්මා නගන දොසේ
මැරුණොත් හොඳයි ඉන්නට දී ඈට තොසේ
පාඩම් කළේ මාස තුනයි ගියපාර
අද සිට මින් මතුව එක දිනයක් නෑර
පොතටම බැහැල වී මා දැණුමෙන් සාර
island 1st වෙලා පෙන්නමි එනපාර
අද සිට මින් මතුව එක දිනයක් නෑර
පොතටම බැහැල වී මා දැණුමෙන් සාර
island 1st වෙලා පෙන්නමි එනපාර
යාළුවො එක්ක සෙට් වීලා බැහැල වලේ
ගිය අවුරුද්දෙ මම ඒ මොනවාද කළේ ?
ගින්දර වාගෙ දැන්නම් පෑදිලා මොළේ
වැඩිපුර හොඳට තේරෙනවා මෙන්න බොලේ
ගිය අවුරුද්දෙ මම ඒ මොනවාද කළේ ?
ගින්දර වාගෙ දැන්නම් පෑදිලා මොළේ
වැඩිපුර හොඳට තේරෙනවා මෙන්න බොලේ
බුදුවෙන එකත් එක පාරට වෙන්නෑ නේ
පොඩි "rest" එකක් ගත්තට වරදක් නෑ නේ
තුන් අවුරුද්දක්ම අහගෙන ඉන්නා දේ නේ
ගොඩ යන්නට අන්තිම තුන් මස සෑහේ
පොඩි "rest" එකක් ගත්තට වරදක් නෑ නේ
තුන් අවුරුද්දක්ම අහගෙන ඉන්නා දේ නේ
ගොඩ යන්නට අන්තිම තුන් මස සෑහේ
හුටා! කල් අඩුයි දැන්නං ඇදපල්ලා
හිතා ගන්න බෑ ගන්නේ කෝකද අල්ලා
වටා පොත් තියන් වාගේ ගල් ගිල්ලා
බලා සිටිමි පව් මම අසරණ කොල්ලා
හිතා ගන්න බෑ ගන්නේ කෝකද අල්ලා
වටා පොත් තියන් වාගේ ගල් ගිල්ලා
බලා සිටිමි පව් මම අසරණ කොල්ලා
කළු වුණ වුවන රැවුලත් හොඳටම වැවිලා
බඩ ගිය හූණා වගේ ඇත ඇඟ ඇදිලා
මරණෙට දක්කනා ගොණු මෙන් ලණු දමලා
මෙවරත් විභාගය ලියනෙමි දඟ දාලා
බඩ ගිය හූණා වගේ ඇත ඇඟ ඇදිලා
මරණෙට දක්කනා ගොණු මෙන් ලණු දමලා
මෙවරත් විභාගය ලියනෙමි දඟ දාලා
after 2nd shy
පෙර අත් භවේ මා කර ඇති ලොකු පවට
"S" තුන "F"තුනක් වී ඇත මට කර කවට
පළවෙනි පාර පැණගත්තා නම් ගොඩට
මේ දුක් දැනෙන් නෑ මගෙ අසරණ හිතට
පළවෙනි පාර පැණගත්තා නම් ගොඩට
මේ දුක් දැනෙන් නෑ මගෙ අසරණ හිතට
"course" එකක් කට පිටරට "valid" ඇති
හෙට දින මගේ ගොඩ දැමුමට වේය සකී
මා මෙන් නොවී වැඩ කර එදිනෙදා නිතී
"A" තුන ගනින් එතකොට උඹ රටක් වටී
ප.ලි. : බොහොම ඉස්සර ලිව්ව එකක්. කලින් කියවපු කට්ටිය තරහ අවසර :P
Sunday, August 14, 2011
මටමයි වෙන්නෙ
සඳට කවිපද
ලියන හන්දම
ඒකි ආඩම්බර වෙලා
එව්ව බල බල
ඉන්නෙ ඇයි මම
★තරුවකට★ කවි කම් කලා
ලීව පෙම් කවි
කියද්දී මම
සිටියමුත් ඉඟි මරමරා ;)
මගේ කරුමෙට
එළිය විතරලු
ඇයත් බෝ කල් මියැදිලා :(
ලියන හන්දම
ඒකි ආඩම්බර වෙලා
එව්ව බල බල
ඉන්නෙ ඇයි මම
★තරුවකට★ කවි කම් කලා
ලීව පෙම් කවි
කියද්දී මම
සිටියමුත් ඉඟි මරමරා ;)
මගේ කරුමෙට
එළිය විතරලු
ඇයත් බෝ කල් මියැදිලා :(
Friday, August 12, 2011
ඩඟරං ටං..... ඩඟරං ටං.....
"නෑ නෑ මල්ලි, තමුසෙලව ඇතුලට ගන්න බෑ. දන්නෙ නැද්ද ඕයි, දැන් අපිටත් එක්ක දඩ ගහනවා"
බස් කොන්දොස්තර මොරදෙන්නට විය.
"අනේ අයියෙ මම ඉක්මනට බැහැලා යන්නං..."
"ඔන්න ඔහෙ ඇතුලට ගනින් බං..." ඒ බසයේ රියදුරුය.
"හා හා නගිනවකෝ එහෙනං, අනේ මංද ඕයි තමුසෙලත්"
මූණ පුරා රැවුල වවාගත්, බෝතල් අඩි කණ්ණාඩි දමාගත් කොල්ලෙක් බසයට ගොඩවිය. ගංජා ගැසූවෙක් මෙන් එහෙට මෙහෙට පැද්දුන ඔහු, සතියක් පමණ නොනිදා සිටියකු මෙන් සෙස්සන්ට දිස්විය.ටී-ෂර්ට් එකක් හා ඩෙනිමක් ඇඳහුන් ඔහුගේ කරේ බෑගයකි. උරහිසේ තවත් බෑගයක් වූ අතර එහි ඉදිරිපස පොකට්ටුවට අත දැමූ ඔහු එළියට ගත්තේ විරිඳු රබානකි.
උගුරේ රැල් බුරුල් හැර සියලු දෙනාටම මංද හිනාවක් පෑ ඔහු, රබාන වාදනය කරන්නට ගත්තේය.
සරසවි නැත වරම් දීල තාලෙට කවි පද කියන්න [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
ගණදෙවි නැත නුවණ දීල හරි පාරක් හොයා ගන්න [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
කිසි දෙවියෙක් හිටියේ නෑ අන්තිමෙ මා ගොඩට ගන්න [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
පිටරැටි සුද්දෝ හොයපුව තමයි හිටියෙ පිහිට වන්න
[ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ]
හමබ කරපු හැම සතේම institute පුදල තමා [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
අම්ම අප්ප එකතුවෙලා මෙතනටවත් ගත්තෙ මෙ මා [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
මොරටු, කොලඹ, කැළණියෙනුත් මං වගෙ උන් බුරුතු එනා [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
එහෙම එන්න මට බැරිවුනෙ මං පෙර කල කරුමෙ තමා

නැකැත් බලල පුංචි කාලෙ කිව්ව අකුරු මතක නැතේ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
ජවා, සී, සී ප්ලස් ප්ලස් ඒ වෙනුවට මතක ඇතේ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
ලැන්වේජස් ඕනෙ එකක් එක්කල මම ඔට්ටු වෙතේ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
ASP, PHP කැස්සහමත් දොට්ට එතේ

ඩේටාබේස්, සර්වර් කේස් කරන්න නෑ කිසිම බයක් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
ඇනලයිසින්, නෙට් වර්කින් මෙව්වෑනුත් ඕන එකක් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
ප්රින්ට් කේස්, ඩිසයින් කේස් නන් පුලුවනි ටිකක් ටිකක් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
කොම්පියුටින් කිව්වෝතින් මම කරනව ඕන දෙයක්

වේකන්සියකට දැම්මම එකම එකට සීයක් උන් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
පෝලිම් විය ඇවිත් ඇවිත් ගන්නේ නෑ ඔක්කොම උන් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
පාරින් පාරට ඉන්නව දුසිම් දුසිම් අයි ටී උන් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
ආරංචිය තව එනවලු ඉස්සරහට මං වගෙ උන්
චේන් කඩල, පොකට් ගහල නෑ මම හොර වැඩ කරන්නෙ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
ෆිෂින් කරල, හැකින් කරල නෑ කෙනෙකුට දුකක් දෙන්නෙ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
මමම කරල මමම හදල පොඩි software එකක් දෙන්නෙ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
මෙ දුක අහල පිං සළකල පුලුවන්නං එකක් ගන්නෙ
[ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ඩං..... ]
රබාන බෑගයේ ඔබා ගත් ඔහු එම බෑගයෙන්ම ලැප්ටොප් කම්පුටරයක් හා සී.ඩී දෙකක් එළියට ගත්තේය.
ලැප්ටොප් එක දිගෑරගත් ඔහු, එහි තිරය ඉදිරියට හරවා නැවතත් කතාකරන්නට විය
මහත්තයෝ...,
මහත්තයෝ මේ තියන්නෙ මමම හදපු ඇප්ලිකේෂන් දෙකක්. මේ හැම එකක්ම කීප සැරයක්ම ටෙස්ට් කරලා බොහොම සාර්ථකයි කියල සහතික කරලා තියන්නෙ. මේ වගේ එකක් කඩෙන් ගන්න ගියොත් එකක් රුපියල් 500ක් 600ක් වෙනවා. මම මේ දෙකම දෙන්නෙ රුපියල් 700කට. කැමති කෙනෙක් ඉන්නවානං කතාකරල ඉල්ලන්න. මීට අමතරව වෙන ඕනෙම වර්ගයක සිස්ටම්, ඇප්ලිකේෂන්, වෙබ්සයිට් වගේ හැම දෙයක්ම මම කරනවා. මං වගේ කොල්ලෙක්ට ජීවත් වෙන්න පොඩි උදව්වක් කරන්න
පුලුවන්කමක් තියනවානනං ලොකු පිනක්...
එසේ කියූ ඔහු තවත් සී.ඩී කිහිපයක් අතට ගෙන බසයේ ආසන එකින් එක ලඟට ගොස් බසයෙන් බැසගිය අතර ඒ සිටි සෑම කෙනාටම තමගේ විසිටින් කාඩ්පතක් දීමටද අමතක නොකළේය.
ප.ලි :
මේක සමහර විට ගොඩදෙනෙක් දැකලා ඇති. අයිතිකාරයොත් ගොඩක් ඇති. කරන්න දෙයක් නෑ. April 14, 2011 at 10:41pm ලිව්වට පස්සෙ මම ආයෙත් මේක ලිව්වා :P
මෙන්න මුලින්ම ලිව්ව note එක මීට කලින් ලිව්ව එකක් හම්බුනොත් මටත් කියන්න :P

ඩං රඟර්ර්ර්ර් ටං ඩං රඟර්ර්ර්ර් ටං//

Subscribe to:
Posts (Atom)