Sunday, August 14, 2011

මටමයි වෙන්නෙ

සඳට කවිපද
ලියන හන්දම
ඒකි ආඩම්බර වෙලා
එව්ව බල බල 
ඉන්නෙ ඇයි මම
තරුවකට කවි කම් කලා 
ලීව පෙම් කවි
කියද්දී මම
සිටියමුත් ඉඟි මරමරා ;)
මගේ කරුමෙට
එළිය විතරලු
ඇයත් බෝ කල්  මියැදිලා :(

16 comments:

  1. කාලෙකින් දැක්ක මගේ හිත ගිය ලස්සන කවියක්...
    ජය

    ReplyDelete
  2. ආලෝක වර්ෂ ගානක් ඈතින් තියෙන තරු දිස්නෙට තිබුණට මැරුණ ඒවා තමයිලු... :D

    ReplyDelete
  3. මටත් ඔහොමමයි වෙන්නෙ. එල මචං. මේක නම් සිරා.

    ReplyDelete
  4. සහ මරුනේ ඔයාගේ කවි පින්තුර වගේම ලස්සනයි

    ReplyDelete
  5. කාලෙකින් ලස්සන කවියක් වගේ එකක් දැක්කා....සන්තෝයි මාරයි

    ReplyDelete
  6. කියවපු කවි අතර හිතට වැදුනු කවියක්..

    ReplyDelete
  7. හිතට වැදුනු කවියක්.. ලස්සනයි.. :)

    ReplyDelete
  8. හ්ම්ම්ම්ම්ම්.... තරු ඔහොම්මමයි ලු..... ;) මලු මලු....

    ReplyDelete
  9. නියමයි අයියන්ඩිය.....:D

    ReplyDelete
  10. සඳේ ඇයි නුඹ
    රවන්නේ මට
    තරුත් මා අතහැර දමා
    කණාමැදිරියො
    දෙසට හැරුනෙමි
    උනුත් යාවිද
    මා දමා....

    ReplyDelete
  11. හැමෝටම ස්තූතියි!!! මේ දවස් වල වැඩ ටිකක් වැඩියි, බ්ලොග පැත්තෙ එන්න හම්බුනේ අද, පමාවට සමාවන සේක්වා :)

    ReplyDelete